Monday, March 31, 2014

rivestan රිවස්ටන්

ආයුබොවන්! හැමදෙනාටම  කවුරුත් අහල තියෙන රිවස්ටන්  කන්ද පාමුල ගමක මමත් ඉපදුනු  නිසා  ඒ (නකල්ස් කදුවැටිය )  ගැන තොතුරු ටිකක් කියන්ට හිතෙනව.

රිවස්ටන් යන වචනෙ හැදුනේ රී - වෙස්ටර්න් කියන ඉංග්‍රිසි වචනයෙන්  කියන එක අපේ ගමේ (ඉලුක්කුඹුරෙ) තලතුනා  යමක් දන්න උදවිය  කියනවා. බලපුවාම ඒක ඇත්ත තමයි. මේ ප්‍රදේශයට එනකොට නුවරඑලියෙ ගියා වගේ අමුතු ගතියක් දැනෙනවනේ අන්න ඒක නිසා සුද්දො දාපු නමක් මේක.

මුහුද් මට්ටමේ ඉදලා අඩි 3000ට වැඩිය උසක් තියෙන රිවස්ටන් කදු මුදුනේ කාලගුණික තත්වය මොහොතින් මෙහොත වෙනස් වන බව  මෙහෙ ආපු  අය දන්නව.  ඉතින් සුද්දො තේ වතු වැවිමට මේ ප්‍රදේශය තොරාගත්තු නිසා තමයි මේ නම දාල තියෙන්නේ 

මේ කදුවැටි ප්‍රදේශය බටදඩු කන්ද ලෙසත් පැරන්නෝ හදුන්වල තියෙන බව සදහන් වෙනවා ඉතා සෞම්‍ය දේශගුණයක් තියෙන මේ පලාත ලංකාවේ තියෙන සුන්දරම ස්ථාන වලින් එකක්. දැන් මේ කදුවැටිය  ලෝක උරුමයක් ලෙස නම් කරලත් තියෙනව.